ඇල්පිටිය, ඇබිත්තන්ගොඩ ඇලේ දිය නෑමට ගොස් සිටි දැරියක් ඊයේ (03) සවස දියේ ගිලී මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක කැටපල, ගනේගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක්.
මියගිය දැරියගේ මව හා සහෝදරිය ද දියේ ගිලීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇල්පිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන බවයි වාර්තා වන්නේ.
ඇල්පිටිය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



