රිය අනතුරකින් පදිකයෙකු මරුට

Share

ඉමදූව, දික්කුඹුර මාර්ගයේ අධිවේගි පාලම අසලදී ඊයේ (03) උදෑසන ධාවනය කළ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පදික පුද්ගලයා ඉමදුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව පදික පුද්ගලයා වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට මාරුකර යවා ඇති අතර ප්‍රථිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 82ක දීගොඩ, ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News