Home දේශීය පුවත් නීතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනකරුවන්ට එරෙහිව නීතිය තදින්

නීතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනකරුවන්ට එරෙහිව නීතිය තදින්

0
නීතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනකරුවන්ට එරෙහිව නීතිය තදින්

නීතීය නොතකා සිදුකෙරෙන තහනම් පොලිතීන් නිෂ්පාදනකරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා ඇති අතර, තහනම් පොලිතීන් නිෂ්පාදන වැටලීම් අඛණ්ඩව සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරන මට්ටක්කුලිය ප්‍රදේශයේ කම්හලක් නීතියේ රැහැනට හසුකර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන කණ්ඩායම සමත් වී තිබේ.

ජනතාවගෙන් ලැබුණු තොරතුරකට අනුව වහාම ක්‍රියාත්මක වූ මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන නිලධාරින් ඉකුත් මැයි මස 02 වන දින අදාළ කම්හල වැටලු අතර, ඒ වන විටත් නිෂ්පාදන යන්ත්‍ර 04 ක් යොදා ගනිමින් තහනම් කරන ලද එච්.ඩී.පී.ඊ.(HDPE) ප්ලාස්ටික් භාවිත කරමින්, ආහාර දවටන නිෂ්පාදනය කරමින් සිට ඇත.

එම අවස්ථාවේදීම ඔවුන් නීතීයේ රැහැනට හසුකර ගත් අතර, අදාළ සාම්පල් පොලිස් භාරයට ගනු ලැබීය. මධ්‍යම  පරිසර අධිකාරිය විසින් කර්මාන්තකරුට විරුද්ධව නීතීමය පියවර ගැනීමට කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here