අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට පත් කෙරුණු එස්. සී. මුතුකුමාරණ කතානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (05) දිවුරුම් දුන්නා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගෙන් පසු එම ලැයිස්තුවේ වැඩිම මනාප ලබාගෙන ඇති එස්. සී. මුතුකුමාරණ පාර්ලිමේන්තුවට පත්වීමට සුදුසුකම් ලබා තිබෙනවා.



