ගෙවල් බිදුම්වලට සම්බන්ධ කාන්තාවක් හා පුද්ගලයෙකු අත්අඩංගුවට

Share

රාගම ප්‍රදේශයේ ගෙවල් බිදුම් දෙකකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් ඊයේ (05) වැලිපිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක පුද්ගලයෙක් වන අතර සැකකාරිය වයස අවුරුදු 63ක කාන්තාවක් බවයි වාර්තා වන්නේ.

මොවුන් මහර ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී ගෙවල් බිඳ සොරකම් කරන ලද රන් භාණ්ඩ උණුකර සකස් කරන ලද විවිධ බරින් යුතු රන් කැබලි 09ක් සොයාගෙන තිබෙනවා.

අදාළ සැකකරුට ගෙවල් බිඳුම්වලට සම්බන්ධ නඩු තුනක් සඳහා වැලිසර ගරු මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත්කර ඇති බවටයි විමර්ශනයේදි කරුණු අනාවරණය වී ඇති ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News