තිදෙනෙකුට මරු කැඳවූ ලොරි රථ අනතුර

Share

පොතුහැර, කොළඹ කුරුණෑගල මාර්ගයේ බුළුගොල්ල හන්දිය අසලදී ඊයේ (05) කුරුණෑගල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ එළවළු පටවාගත් ලොරියක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන්කළ පුද්ගලයන් 04දෙනෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී තිදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

අනතුරට අදාළ ලොරි රථ රියදුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොතුහැර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා

Read more

Local News