නොරච්චෝලය පූලච්චේන විදුහල අසලදී ඊයේ (05) දහවල් ධාවනය වූ ලොරි රථයක පාපැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදියේ ගමන්කළ කුඩා දරුවෙකු පුත්තලම රෝහලට ඇතුළත් කර ප්රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 04ක පූලච්චේන, නොරච්චෝලය ප්රදේශයේ පදිංචි දරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



