කලවාන, මීපාගම ප්‍රදේශයේ විදුහලක ඊයේ (06) උදෑසන ශිෂ්‍යාවක් බිම ඇද වැටීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
බිම ඇද වැටෙන අවස්ථාවේ දී අදාළ සිසුවියගේ නිකට ප්‍රදේශය කොන්ක්‍රිට් ගලක වැදී ඇති අතර ප්‍රථිකාර සඳහා ඇයව කලවාන රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 13ක කුකුලේගම, වන්නිගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් කලවාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



