මුදල් වංචාවකට සම්බන්ධ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

Share

රුපියල් ලක්ෂ 62කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධව ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නාගොඩ, කඳාන පිහිටි පුද්ගලික ආයතනයකින් රබර් අත් මේස් ලබාගෙන ගෙවීම් පැහැර හැර මුදලක් වංචා කිරීම සම්බන්ධව පසුගියදා පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුවයි.

අදාළ සැකකාර ඉන්දීය ජාතිකයා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේදී ආගමන විගමන නිලධාරින් විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 45ක වන ඉන්දිය ජාතිකයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විර්මශන සිදු කරනු ලබනවා.

Read more

Local News