පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම නියෝජනය කරමින් මහියංගණය ප‍්‍රාදේශීය සභාවට තේරිපත්වූ සාමාජිකයින් 08 දෙනා ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමුවී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ලබා ගනු ලැබීය.
අනතුරුව ඔවුහු ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් ලෙස ජනාධිපතිතුමා ඉදිරියේදී දිවුරුම් දුන්හ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස මහියංගණය ප‍්‍රාදේශීය සභාවට තරග කළ ඞී.එම්. ශ්‍යාමලී කුමාරි දිසානායක, ඞී.එම්. ධනුෂ්ක ධර්මරත්න දිසානායක, ඒ.එම්. ජයවර්ධන බණ්ඩාර, ඩබ්.එම්. සමන් පුෂ්පකුමාර, එම්.බී. වසන්ත වික‍්‍රමසිංහ, ආර්.පී.එම් චන්ද්‍රදාස, ඒ.එම්. ලලිතා වසන්ති දිසානායක, එච්.පී. භාෂිලා මුධුභාෂිනී යන මහත්ම මහත්මීන් මෙම පිරිසට ඇතුළත්ය.
පූජ්‍ය අලුකැටියාවේ සීලවංශ හිමි සහ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, මහියංගණය ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක කේ.පී. ගුණවර්ධන යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.