අද කාලගුණය

Share

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බව දන්වා තිබේ.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (08) නිවේදනය කළේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (09) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යනු ඇති බවයි.

Read more

Local News