අඹුසැමි යුවළක් පැහැර ගනී – සැමියා ඝාතනයට

Share

වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රීයේ පුද්ගලයන් පිරිසක් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් තිබෙනවා.

එහිදී පිරිමි පුද්ගලයාට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 24ක වඩුක්කෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු යි.

මෙම අඹුසැමි යුවල යතුරුපැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ දී මියගිය පුද්ගලයා සමඟ ආරවුලක් පැවති පුද්ගලයෙකු තවත් කිහිපදෙනෙකු සමඟ එම යුවල පැහැරගෙන ගොස් තිබුණා.

අනතුරුව කාන්තාව සිත්තන්කේනි හන්දියේ දමා ගොස් පිරිමි පුද්ගලයාට තියුණු ආයුධ වලින් පහරදී බරපතල තුවාල සිදු කර කොට්ටකාඩු රෝහල අසලට මෝටර් රථයකින් ගෙනවිත් දමා සැකකරුවන් පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ පුද්ගලයා වැඩිදුර ප්‍රථිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය බව වාර්තා වනවා.

මෙම ඝාතනයට සිදු කළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වඩුක්කෝට්ටේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News