යතුරුපැදි අනතුරු දෙකක් – තරුණයන් දෙදෙනෙකුට මරුට

Share

මාලඹේ, කහන්තොට මාර්ගයේ දී ඊයේ (11) අළුයම යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පසුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 21ක කොළඹ 05 ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

මේ අතර හබරාදුව නගරය ආසන්නයේ දී ඊයේ රාත්‍රීයේ තවත් යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.

කොග්ගල දෙස සිට හබරාදුව දෙසට ධාවනය කළ යතුරුපැදියක් එම දිශාවට ගමන් කළ පාපැදියක් ඉස්සර කිරීමට යාමේදී යි අදාළ අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක තලගහවත්ත, තල්පේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

Read more

Local News