ට්‍රැක්ටරයක් මාර්ගයෙන් ඉවතට පෙරළී රියදුරු මරුට

Share

හබරණ, ආසිරිගම අඹගස්වැව මාර්ගයේ දී ඊයේ (11) සවස ධාවනය කළ ට්‍රැක්ටර් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ට්‍රැක්ටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 27ක ආසිරිගම, නාමල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් හබරණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News