අද දවසේ කාලගුණය

Share

දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත් එම නිවේදනයේ සඳහන් වනවා.

එම ස්ථාන වන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව පළාත සහ ගාල්ල, මාතර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක යි.

Read more

Local News