යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට

Share

පන්නල, ගිරිඋල්ල මාර්ගයේ මාහොලව හන්දියේ දී ඊයේ (13) දහවල් යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.

ඒ ගිරිඋල්ල දෙස සිට පන්නල දෙසට ධාවනය වූ යතුරුපැදියක් යතුරුපැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි ව එම මාර්ගයේ ම ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසු පැදිකරු ප්‍රතිකාර සඳහා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමේ දී පසු පැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 25ක නැගෙනහිර ගල්කුලිය, ආඬිගම ප්‍රදේශයේ තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය වැඩිදුර විර්මශන ආරම්භ කර තිබෙනවා.

Read more

Local News