සීදුව,මුතුවාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ ඊයේ (14) රාත්‍රියේ දී කාන්තාවක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 26ක පලුගොල්ලාගම, මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ඝාතනයට හේතු වී ඇත්තේ මියගිය කාන්තාව ඇයගේ අනියාම් පුරුෂයා සමඟ ඇති කරගත් ආරවුලක් බවයි බවයි පොලිසිය පවසන්නේ.
එම පුරුෂයා අදාළ කාන්තාවගේ ගෙල බොතල් කටුවකින් කපා ඝාතනය කර ඇති බවට විමර්ශනයේ දී කරුණු අනාවරණය වී තිබෙනවා.
සිද්ධියෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.