මරු කැඳ වූ ජීප් රථය

Share

කොළඹ – මීගමුව මාර්ගයේ කුරණ ප්‍රදේශයේ දී ඊයේ (14) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ ජිප් රථයක්, මාර්ගය හරහා ගමන් කළ කාන්තාවකගේ ගැටීමෙනු යි අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක කුරණ, කටුනායක ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.

Read more

Local News