රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු මරුට

Share

පාලවිය දෙස සිට කල්පිටිය දෙසට ධාවනය වූ ලොරි රථයක යතුරුපැදියක් ගැටී ඊයේ (16) රාත්‍රීයේ අනතුරක් සිදුව තිබෙනවා.

ඒ නොරොචෝලය, පාලවිය කල්පිටිය මාර්ගයේ කරඹ රේඩියෝ සිලෝන් හන්දිය අසලදී යි.

අනතුරින් ‌බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක කරඹ, පාලවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නොරොචෝලය පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News