ගාසා තීරයේ සටන් විරාමයකට යෝජනාවක් සම්මත කරයි

ගාසා තීරයේ වහාම සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය යෝජනාවක් සම්මත කර තිබෙනවා.

කොන්දේසි විරහිතව ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසද එමඟින් හමාස් සංවිධානයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ ගාසා තීරයේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු ආරක්ෂක කවුන්සිලය වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් වුවද අමෙරිකාව ඇතුළු රටවල නිෂේධන බලය හමුවේ ඒවා සම්මත වුණේ නැහැ.

Exit mobile version