හෙරොයින් සමඟ තරුණියක් අත්අඩංගුවට

කැළණිය – පෙතියාගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 30යි, මිලිග්‍රෑම් 200ක් සමඟ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වෙයි.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී 23 හැවිරිදි මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ඇත.

අැය අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version