රිමාන්ඩ්ගත වන විශේෂිත පුද්ගලයන්ට විශේෂිත මැදිරියක් – තලතා අතුකෝරළ මහත්මිය

බන්ධනාගාර හා අධිකරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළේ, රිමාන්ඩ් බන්ධනාගාරගත වන විශේෂිත පුද්ගලයන් රඳවා තැබීම සඳහා බන්ධනාගාරවල විශේෂිත මැදිරියක් සකස් කිරීමට අවධානය යොමුව ඇති බවයි.

මේ හරහා තමන්ට අභිමත ආකාරයට බන්ධනාගාර රෝහලේ රැඳී සිටීමේ අවස්ථාව අහිමි වන බවද අද (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඇය පවසා සිටියාය.

සැකකරුවන් බවට පත්වන විශේෂිත පුද්ගලයන් වෙනම රඳවා තැබීමට සිදුවන බවත්, කාලයට අනුව මෙවැනි වෙනස්කම් සිදුවිය යුතු බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

Exit mobile version