තලංගම ඝාතනයක්

Share

තලංගම, තලාහේන ප්‍රදේශයේ නිවසක කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 31ක් වන තලංගම ප්‍රදේශයේ තාවකාලික පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මරණකාරිය ඇගේ සැමියා සමඟ ඉහත ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ජීවත්ව සිට ඇති අතර, දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් මත පුරුෂයා සහ ඔහුගේ යහළුවා විසින් තියුණු ආයුධයකින් පහරදී කාන්තාව ඝාතනය කර නිවස දොරගුළු දමා පිටව ගොස් තිබෙනවා.

පසුව සැකකරුවන් දෙදෙනාම පැමිණ මෙම පැමිණිල්ල කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News