මහජනතාවගේ විශ්වාසය දිනාගන්නා අධිකරණ පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි – අධිකරණ නියෝජ්‍ය අැමති

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතා අද (9) පාර්ලිමේන්තුවේ දී අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් පැවසුවේ,

අද විවේචනය එල්ල වී තිබෙන්නේ නඩු කටයුතු ප්‍රමාදය ගැනයි. නඩු කටයුතුවලට එන්නේ නැතිව නඩු කටයුතු මඟහැරීම දක්නට ලැබෙනවා. ඒවා මඟහැරීමට මේ සංශෝධන වැදගත් වෙනවා. සමාජයට යම් අකටයුතුකමක් වෙනවා නම්, මහජනතාවගේ අපේක්ෂා භංගත්වය තුරන් කිරීමට මහජනතාවගේ විශ්වාසය දිනාගන්නා අධිකරණ පද්ධතියක් ස්ථාපිත කළ යුතුයි.

ත්‍රිපුද්ගල මහාධිකරණ හරහා අධිකරණයේ ස්වාධීනත්වය එලෙසම පවත්වාගෙන යාමට බලාපොරොත්තු වෙනවා. නීතියේ ආධිපත්‍ය පිළිබඳව විශ්වාසයක් ඇතිව ඉදිරියට ගෙන යන්න පුළුවන්. අධිකරණයේ ස්වධීනත්වය තවදුරටත් රඳවා ගන්න හැකි වෙනවා. අධිකරණ ක්‍රියාදාමය කාර්යක්ෂම කිරීමට අනෙකුත් ආයතනත් කාර්යක්ෂම කළ යුතුයි. නීතිපති දෙපාර්තමේන්තුව ආකර්ෂණීය තැනක් කරන්න බලාපොරොත්තු වෙනවා. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඵලදායිතාවය සීයයට සියයක් වෙලා. රටේ ජනතාවගේ විශ්වාසය තබාගෙන අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය වැඩි කිරීමට කටයුතු කරමු යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Exit mobile version