අඹුසැමි යුවලකගේ සිරුරු හමුවෙයි

Share

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස මියගිය අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් හමුවී තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 75 ක් හා මරණකාරිය වයස අවුරුදු 67 ක් වන අලුත්ගම පාර, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි යුවලක් බවයි වාර්තා වන්නේ.

මියගිය යුවල පමණක් එම නිවසේ පදිංචිව සිට ඇති අතර නිවසේ බඩු බාහිරාදිය ඇද දමා තිබු බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Read more

Local News