බැංකු පද්ධතිය සහ ව්‍යවසායකයා ආරක්ෂා වන පරිදි තීන්දු තීරණ ගන්නවා – ජනපති කියයි

Share

රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කරනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (29) හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සම්බන්ධයෙන් බැංකුවලින් සිදු වන මැදිහත් වීම සහ ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානයට යොමු විය.

ශ්‍රී ලංකාව ඩිජිටල්කරණයෙහි වැදගත්කම සහ විද්‍යුත් හැඳුනුම්පත ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ අතර එම වැඩපිළිවෙළ වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ නිම කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

පැන නැගුණු ආර්ථික අර්බුදය සමඟ බැංකු පද්ධතිය යම් දරා ගැනීමක් සිදු කරමින් ව්‍යවසායකයා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා ව්‍යවසායකයින් එම දරා ගැනීම අවභාවිත කරන්නේ නම් එය ගැටලුවක් බව සඳහන් කළේය.

බැංකුවත්, ව්‍යවසායකයාත් ආරක්ෂා වන පරිදි සමස්ත ක්‍රියාවලිය සිදු කළ යුතු බවට මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

Read more

Local News