අන්ධකාරයට එරෙහිව ආලෝකයේ ජයග්රහණය සංකේතවත් කරමින් ලොව පුරා හින්දු බැතිමත්තු මහත් භක්තියෙන් දීපාවලි උත්සවය සමරයි.
නිදහසින් පසු දශක ගණනාවක් පුරා අඳුරේ අත පත ගාමින් ආලෝකය සොයා පැමිණි ශ්රී ලාංකික ජනතාව මේ වන විට නැවුම් බලාපොරොත්තු හිස දරා සිටිති. මේ වනාහි වසර ගණනාවක ජනතා අපේක්ෂා ඵල දැරීමකි. මෙතෙක් කල් ශ්රී ලංකාව පාලනය කළ පාලකයන් විසින් යටපත් කරන ලද ජනතා අපේක්ෂා මල් ඵල ගැන්වෙන පුනරුද යුගය අපි දැන් ආරම්භ කර ඇත්තෙමු.