බොරැල්ල, කිතුල්වත්ත මාර්ගයේදී ධාවනය වූ කාර් රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 71ක් වූ බොරැල්ල ප්රදේශයේ පදිංචිකරුවෙක්.