රත්තරන් බිස්කට් දෙකක් නීතිවිරෝධීව මෙරටට ගෙන අා අයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ තමන් පැළද සිටින පාවහන් තුළ සගවා ගෙන රත්තරන් බිස්කට් දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ බැවිනි.

ඔහු 31 හැවිරිදි කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු සතුව ග්‍රෑම් 100 බැගින් වූ රත්තරන් බිස්කට් 02 ක් තිබූ අතර, එහි මුළු බර ග්‍රෑම් 200 කි.

ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 13 ක් බව රේගුව පවසයි.

Exit mobile version