අහුංගල්ල මුහුදේ දිය නාමින් සිටි විදේශිය ජාතික පිරිමි පුද්ගලයෙකු හා කාන්තාවක් දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටිය දී එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් බේරා ගෙන තිබෙනවා.
අනතුරින් දිවි බේරාගත් පිරිමි පුද්ගලයා වයස අවුරුදු 29ක් වන රුමේනියා ජාතිකයෙකු වන අතර, කාන්තාව වයස අවුරුදු 30ක් වන යුක්‍රේන ජාතිකයෙකු වේ.