කරාපිටිය සහ මාතර රෝහල් වලට අවශ්‍ය ඔක්සිජන් යන්ත්‍ර කඩිනමින් ලබාදෙන්න – සෞඛ්‍ය අැමති

දකුණු පළාතේ පැතිර යන වෛරසයට ගොදුරුව රෝහල් ගත කරන දරුවන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සදහා අවශ්‍ය හයිෆො ඔක්සිජන් යන්ත්‍ර කඩිනමින් ගාල්ල කරාපිටිය රෝහලට සහ මාතර මහ රෝහලට ලබාදෙන ලෙස දැනුම් දී ඇත.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට මෙම දැනුම් දීම සිදු කර අැත.
එම රෝහල්වල ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මත හදිසි අවස්ථාවක් ලෙස සළකා මෙම යන්ත්‍ර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු යොදා ඇත.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් පවන්නේ වැඩි වේගයකින් සහ පීඩනයකින් දරුවන්ට ඔක්සිජන් ලබාදීමට මෙම යන්ත්‍රවලට හැකියාවක් ඇති බවත්, එහිදී හැකිළි ඇති පෙණහළු යළි විවරවීමක් සිදුවන බවයි.
Exit mobile version