ගල්ටැංවැව දෙස සිට හිරිපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකාරිය විසින් ඇඳගෙන සිටි සාරියේ කොටසක් පිටුපස රෝදයට හිරවීම හේතුවෙන් යතුරුපැදිය මාර්ගයේ පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකාරිය ප්රථිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකාරිය වයස අවුරුදු 53ක් වූ නිකදළුපොත ප්රදේශයේ පදිංචිකාරියක්.