බදුරලිය, සීලදොල ප්රදේශයේ දී පුද්ගලයෙකුට හා ඔහුගේ බිරිඳට පහරදී රෝහලට ඇතුලත් කිරීමේදී තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 32ක් වූ බදුරලිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු විසින් පුද්ගලික අමනාපයක් මත බිරිඳගේ පියාට බැන වදිමින් සිටින අවස්ථාවේ දී බිරිඳගේ පියා සහ සහෝදරයා එම ස්ථානයට පැමිණ පොල්ලකින් හා තියුණු ආයුධයකින් මරණකරුට හා මරණකරුගේ බිරිඳට පහරදී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.