පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියලු කටයුතු කරනවා – ජනපති කියයි

Share

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශනවලින් හෙලිවන බවත් අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (20) අවධාරණය කළා.

ඒ සඳහා යම් කාලයක් ගතවන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දසවැනි පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය.

Read more

Local News