මිද්දෙණියේ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

Share

මිද්දෙණිය පොලිස් වසමේදී වෙඩි තබා ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධයේ තවත් සැකකරුවෙක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වීරකැටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

මොහු විසින් සැකකරුවන්ට ටී-56 ජීව පතොරම් 12ක් ලබා දී ඇති බවට දැනට සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News