අපනයනය ඉළක්ක කරමින් කෘෂිකාර්මික ප්‍රතිපත්ති සකසන්න – අමාත්‍ය මහින්ද අමරවීර

Share

නියගය හා වෙනත් හේතු නිසා පසුගිය වසර ගණනාවක් තිස්සේ මෙරට අපනයන කෘෂි භෝගවලින් ලබන ආදායම සියයට 05ක් පමණ දක්වා පහත වැටී ඇති හෙයින් ගොවීන්ගේ ආදායම් මට්ටම් ඉහළ නැංවීම සදහා අපනයනය ඉළක්ක කර ගනිමින් කෘෂිකාර්මික ප්‍රත්පත්ති ක්‍රියාත්මක කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පසුගිය වගා කන්න කිහිපයක් තිස්සේ පැවැති නියගය නිසා මෙරට ආහාර ‍බෝග වගාව සියයට 30කින් පමණ අඩු විය. නියං සහනාධාර වශයෙන් රජය ‍ගොවි ජනතාවට රුපියල් මිලියන 38000ක් වැය කර තිබේ. එම නිසා ගොවි ජනතාව ආර්ථික ආගාධ‍යෙන් ගලවා ගැනීම සදහා අපනයනය ඉළක්ක කරගත් බෝග වගාවට යොමුකළ යුතුය.

එමෙන්ම නව තාක්ෂණය කෘෂිකර්මාන්තය තුළ භාවිතයට පියවර ගැනීම හා තරුණ පිරිස් කෘෂිකර්මාන්තයට යොමු කර ගැනීමේ ආකර්ශණීය වැඩ පිළිවෙලක් සැකසිය යුතුය. එමෙන්ම ගොවීන් වෙළෙදපොල ඉළක්ක කර ගනිමින් වගා කටයුතු කිරීම සදහා ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා දීමේ වැඩ පිළිවෙළක් ද සැකසීමට කටයුතු කරන බවද මෙහිදී අමාත්‍යවරයා සදහන් කළේය.

Read more

Local News