මැදින් පුර පසළොස්වක පොහොය අදට (13) යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට තම උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කිරීම සිදුකළ දිනය ලෙසට මැදින් පුර පසළොස්වක පොහොය සැලකෙන අතර එදින ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ජන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා කිඹුල්වත් පුරයට වැඩම කර සුද්ධෝදන රජුට දහම් දේශනා කර ඇත.
එහිදි උන්වහන්සේ විසින් සුද්ධෝදන රජතුමා ප්‍රමුඛ ශාක්‍යවාංශිකයින්ට ධර්මය දේශනා කරනු ලැබීය.
යසෝධරා දේවිය උදෙසා චන්ද කින්නර ජාතකය දේශනා කිරිම සහ රාහුල කුමාරයා සහ නන්ද කුමාරයා පැවිදි කරවිම ද මැදින් පුර පසළොස්වක දිනයේ සිදුවූ සුවිශේෂී සිදුවීම් වෙයි.