දකුණේ පාසල්වල ප්‍රාථමික අංශ තවත් දින 3 ක් වසා දැමීමට තීරණය කරයි

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වයි. වික්‍රමසිරි මහතා පැවසුවේ දකුණු පළාතේ පැතිර යන උණ රෝගය පැතිරයෑම වැලැක්වීමේ පියවරක් වශයෙන් අධ්‍යාපන කළාප අටක පාසැල්වල ප්‍රාථමික අංශ තවත් දින තුනක් වසා තැබීමට තීරණය කළ බවයි.

මෙම උණ රෝගය නිසා 22 සහ 23 යන දින දෙකේ පමණක් පාසල් වසා තබා 24 වන දින එම පාසැල් නැවත විවෘත කිරිමට කර තිබූ තිරණය වෙනස් කර 24, 25 සහ 28 වන සඳුදා යන දින තුන මෙසේ වසා තැබෙනු ඇත.

29 වන දින පෝය දිනය බැවින් 30 වන බදාදා එම පාසැල් නැවත විවෘත කිරිමට දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ අනුව අධ්‍යාපන කලාප අටක පාසල්වල ප්‍රාථමික අංශ වසා තබනු ඇත.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ උපදෙස් පරිදි එම කලාප අටේ පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති මෙම දින තුන තුලදී වසා තබනු ඇත.

Exit mobile version