මාර ගසේ මාරක අනතුර

Share

ඊයේ (23) රාත්‍රී 9.20ට පමණ මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේදී ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු රථයේ සිර වූ අතර, ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ඔවුන් මුදාගෙන මාවනැල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහිදී ත්‍රීරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කළ 37 හැවිරිදි පුද්ගලයා මියගිය බවයි පොලිසිය තහවුරු කර ඇත්තේ.

තුවාල ලැබූ අවුරුදු දෙකහමාරක ගැහැණු දරුවෙකු, 48 හැවිරිදි කාන්තාවක් සහ 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මේ වන විටත් මාවනැල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මීට අමතරව, ගස කඩා වැටීම නිසා ඒ අසල නවතා තිබූ ලොරි රථයකට සහ වෙළෙඳසැලකට ද හානි සිදුවී තිබෙනවා. මාර්ගය තවමත් අවහිර වී ඇති බැවින්, පොලිසිය ජනතාවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි දන්වා සිටින්නේ.

Read more

Local News