නායයෑමේ අවදානම හේතුවෙන් වසා දැමුණු, කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටසෙන් එක් මංතීරුවක රථවාහන ධාවනය යළි ආරම්භ කර තිබෙනවා.
ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලකට පස් කන්දක් කඩාවැටීම නිසා ඇතිවූ අනතුර හේතුවෙනුයි නොවැම්බර් 22 වැනිදා උදෑසන සිට මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන තිබුණේ.




