නිරිත දිග කොටසට හෙට සිට වැසි තත්ත්වයේ අඩු වීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති වැසි තත්ත්වයේ අඩු වීමක් හෙට (28දා) සිට අපේක්ෂා කරන බවයි.

නමුත් සබරගමුව හා මධ්‍යම පළාත්වලටත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටත් හෙට දිනයේ ද මිලිමීටර් 75 දක්වා වැසි ඇතිවිය හැකි බවද එම නිවේදනයේ දැක්වෙයි.

 

Exit mobile version