ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් අතර අද (12දා) පැවති ඓතිහාසික හමුවේදී කරුණු 4කින් යුතු ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියකට අත්සන් කර තිබේ.
- දෙරටේම ජනතාවගේ කැමැත්ත පරිදි සාමය හා සමෘද්ධිය අත්පත් කරගැනීම සඳහා ඇමෙරිකා ඒකසත් ජනපදය සහ උතුරු කොරියාව අතර නව සබඳතා ඇතිකර ගැනීමට කැපවීම.
- කොරියානු අර්ධද්වීපය තුළ දීර්ඝ කාලීන සාමයක් ස්ථාපිත කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට අධිඨන් කරගැනීම.
- 2018 අප්‍රේල් 27 වැනිදා ඇති කරගත් පැන්මුන්ජොම් ප්‍රඥප්තිය අනුව යමින් කොරියානු අර්ධද්වීපය සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික හරණයකට ලක්කිරීමට යළි ප්‍රතිඥාදීම.
- යුද සිරකරුවන් පෙරළා සියරටට ගැනීම සහ ගැටුම්වලදී අතුරුදන් වූවන්ගේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට දෙරටම කැපවීම.
මෙසේ කරුණු 4කින් යුතු ට්‍රම්ප්-කිම් ප්‍රඥප්තියට ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් අත්සන් තබා තිබුණි.