දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Share

ඊයේ (26) දින උදෑසන කාලයේ හබරාදූව පොලිස් වසමේ කොග්ගල ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක් ආසන්නයේදී බෙලිඅත්ත සිට අනුරාධපුර දක්වා ධාවනය වූ සීග්‍රගාමී දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව හබරාදුව පොලිසියි විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මරණකාරිය වයස අවුරුදු 71 ක් වූ හබරාදුව ප්‍රදේශයේ පදිංචිකාරියක්. මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. හබරාදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read more

Local News