අද (14) අලුයම 1.40 ට පමණ පස්සර නගරයේ සිල්ලර වෙළදසැලක හදිසි ගින්නක් හටගෙන තිබේ.
එම ගින්නෙන් වෙළඳසැල විනාශ වී ඇති අතර වෙළඳසැල තුළ නිදාගෙන සිටි කාන්තාවන් තිදෙනෙක් මියගොස් ඇති බව සඳහන් වෙයි.
මෙසේ මියගොස් ඇත්‌තේ එකම පවුලේ මව, දියණිය සහ පුංචිඅම්මා බවයි පස්සර පොලිසිය සඳහන් කළේ.