චීන භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ වර්ධනයක්

Share

චීන භාණ්ඩ ප්‍රවාහන සහ මිලදී ගැනීමේ සම්මේලනය ඊයේ (11) සැප්තැම්බර් මාසයේ චීන භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ සෞභාග්‍යතා දර්ශකය නිකුත් කළේ ය.
සැප්තැම්බර් මාසයේදී චීන භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තයේ සෞභාග්‍යතා දර්ශකය 51.5%ක් ලෙස වාර්තා වූ අතර, එය පෙර මාසයට සාපේක්ෂව 0.6%කින් ඉහළ ගොස් තිබේ. එම දර්ශකය අඛණ්ඩව මාස පහක් පුරා වර්ධන ප්‍රවණතාවක පැවතීම ද විශේෂත්වයකි. නව ඇණවුම් දර්ශකය 51.2%ක් වූ අතර, එය පෙර මාසයට සාපේක්ෂව 0.4%කින් ඉහළ ගොස් තිබේ. එම දර්ශකය ද අඛණ්ඩව මාස හතක් පුරා ඉහළ යමින් පවතී.
චීනයේ නැගෙනහිර, මධ්‍යම සහ බටහිර කලාපවල ව්‍යාපාරික පරිමාව පිළිබඳ දර්ශක සියල්ලම ඉහළ ගොස් ඇති අතර, ඒවා පිළිවෙළින් 51.3%, 51.2% සහ 51.7%ක් ලෙස වාර්තා විය.

Read more

Local News