කොළඹ වරාය නැරඹීම සඳහා මහජනයාට විවෘත කිරීම ඉදිරියේදී 

වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ අද (18) දින පැවති ආරක්ෂක නිලධාරීන්ගේ විසිරයාමේ උත්සවයේ දී පැවසුුුු‌වේ,

පසුගිය යුද සමයේ ආරක්ෂක හේතූන් මත කොළඹ වරාය අධි ආරක්ෂිත කලාපයක් ලෙස පවත්වාගෙන ගියත් දැනට රටේ පවතින සාමකාමී තත්ත්වය හේතු කොටගෙන මහජන දේපළක් ලෙස සලකා කොළඹ වරාය නැරඹීම සඳහා මහජනයාට විවෘත කිරීමට ජනාධිපතිවරායගේ උපදෙස් පරිදි ඉදිරියේදී කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත ලෙස සැලකෙන කොළඹ වරාය මේ වසරේ බිලයන 13.2 ක ලාභයක් ලබාගෙන ඇති අතර එය රටේ ආර්ථික වර්ධනයට විශාල පිටුවහලක් වන අතර කොළඹ වරාය සමස්ත ජනතාවටම අයිති දේපළක් ලෙස සලකා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Exit mobile version