BRICS රටවල 12 වැනි පාර්ලිමේන්තු සංසදය සාර්ථකව අවසන්

Share

BRICS රටවල 12 වැනි පාර්ලිමේන්තු සංසදය ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්විණ. ඉන්දියාවේ Lok Sabha කථානායකවරයා මෙන්ම එම සංසදයේ සභාපතිවරයා ද වන Om Birla, ඒකාබද්ධ ප්‍රකාශය සම්මත කිරීමෙන් අනතුරුව සමාප්ති දේශනය පවත්වා අනතුරුව සංසදයේ සභාපතිත්වය චීනයට භාර දී ඇත. චීනයේ ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ උප සභාපති Zheng Jianbang ප්‍රමුඛ නියෝජිත පිරිස, මෙම අවස්ථාවට එක් වූ අතර
එහිදී Zheng Jianbang දේශනයක් ද පැවැත්වීය.
BRICS රටවල් අතර පාර්ලිමේන්තු සහයෝගීතාව එම රටවල් අතර පුළුල් සහයෝගීතාවයේ වැදගත් අංගයක් බව Zheng Jianbang ප්‍රකාශ කළේය. BRICS සහයෝගීතාවයේ පදනම ශක්තිමත් කිරීම, පාලන ක්‍රියාවලියේ පවතින අභියෝග විසඳීම සහ පොදු අනාගතය ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු සහයෝගීතාව ප්‍රධාන බලවේගයක් වන බව ද ඔහු අවධාරණය කළේය.

Read more

Local News