ජාත්යන්තර නීතිය සියලු රටවල් සඳහා සමානව හා ඒකීය ලෙස ක්රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ජාත්යන්තර අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර ඇත.
එක්සත් ජාතීන්ගේ චීන නියෝජ්ය නිත්ය නියෝජිත Sun Lei මේ ඉල්ලීම සිදු කළේ ඊයේ (28) එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවති ජාත්යන්තර අධිකරණයේ සභාපතිවරයාගේ දැනුවත් කිරීමේ රැස්වීම අමතමිනි.ජාත්යන්තර නීතියේ සමාන හා ඒකීයභාවය සහතික කරන ලෙසත් ද්විත්ව ප්රමිතීන් සහ තෝරාගත් අවස්ථාවල පමණක් නීතිය ක්රියාත්මක කිරීමෙන් වැළකී සිටින ලෙසත් චීනය ජාත්යන්තර අධිකරණයෙන් ඉල්ලා සිටින බව ඔහු ප්රකාශ කළේය.
Share
Read more



