චීන අගමැති ලී ච්‍යං, ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) අධ්යක්ෂ ජනරාල් Daren Tang හමුවෙයි. එම හමුව ඊයේ(4) බෙයිජිං හිදී පැවැත්විණ.
චීනය ලෝක බුද්ධිමය දේපළ සංවිධානය සමග එක්ව සහයෝගීතාව අඛණ්ඩව ශක්තිමත් කරමින්, බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සූදානම් බව ලී ච්‍යං එහි දී ප්‍රකාශ කළේය. එමගින් ගෝලීය නවෝත්පාදන සංවර්ධනය සහ පොදු සමෘද්ධිය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.
චීනයේ බුද්ධිමය දේපළ ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය ලබාදෙන ලෙසත්, හුවමාරු හා සහයෝගීතා සඳහා තව තවත් වේදිකා නිර්මාණය කරමින් චීන පරිශීලකයන්ට වඩාත් පහසු සහ උසස් තත්ත්වයේ සේවාවන් සපයන ලෙසත් ලී ච්‍යං එම සංවිධානයෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, චීනය බුද්ධිමය දේපළ ක්ෂේත්රයේ අත්කරගෙන ඇති කැපී පෙනෙන ජයග්‍රහණ පිළිබඳව Daren Tang සිය සුබපැතුම් පළ කළේය.
චීනයේ බුද්ධිමය දේපළ සංවර්ධනය පිළිබඳ අත්දැකීම් අනෙකුත් රටවලට ද ප්‍රයෝජනවත් මෙන්ම ආදර්ශයක් සපයන බව හෙතෙම ප්‍රකාශ කළේය.
Share
Read more



