ත්‍රිකුණාමලය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්‍රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියට, අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් අද (17) දින ඇප මත මුදාහැර තිබේ. බලංගොඩ කස්සප හිමියන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයේදී තමන්ට ලබා දී තිබූ කොන්දේසි සහිත ඇප කොන්දේසි උල්ලංඝනය කර ත්‍රිකුණාමලය අධිකරණයට සහ අනුරාධපුරයේ විනිසුරුවරයාට අපහාසාත්මක ප්‍රකාශ කළ අතර, එම වැරදි දෙකටම සමාව අයැද සිටිම හේතුවෙන් මෙලෙස ඇප මත මුදාහැරීමට ත්‍රිකුණාමල අධිකරණය නියෝග කර ඇත.



